Location
Isurumuniya, Sri Lanka
Isurumuniya, Sri Lanka
Isurumuni Rajamaha Viharaya is a special place that comes to mind when we talk about the sacred city of Anuradhapura. Isurumuniya Rajamaha Viharaya is located about 2.5 km from the old railway station in Anuradhapura, below the Tissa Lake, on the left side of the Ranmasu Uyana facing a beautiful paddy field. Visiting this place you can see the Isurumuni Museum, old and new temples, the stupa as well as the sacred bo tree. The place is famous for its stone carvings depicting the Isurumuni lovers, the royal family as well as man and the horse head. There is an ideology that this Isurumuni lovers is represented by the King Dutugemunu's son Prince Saliya and his lover Asokamala. The Mahavansa states that this temple was built over two thousand years ago by King Devanam Piyatissa who ruled in Anuradhapura, the capital of ancient Sri Lanka. History states that this temple was built for one of the nephews of King Devanam Piyatissa and five hundred monks who were ordained by arhat mihindu Thero. It is said that the Tooth Relic of the Supreme Buddha was first placed in this temple which belonged to Abhayagiri by the 4th century AD.
Written by Krishantha Bopage.
23.12.2020
යුනෙස්කෝ ලෝක උරුම අනුරාධපුර නගරයේ පිහිටි ඉසුරුමුණිය.
අනුරාධපුර පූජා නගරය ගැන කතා කරන විට අප සැමට සැනෙකින් මතකයට එන සුවිශේෂී ස්ථානයක් වන්නේ ඉසුරුමුණි රජමහා විහාරයයි. අනුරාධපුර පැරණි දුම්රිය ස්ථානයේ සිට 2.5 KM පමණ දුරකින්, තිසා වැවට පහලින්, රන්මසු උයනට වම් පසින් අලංකාර වෙල්යායකට මුහුණ ලා ඉසුරුමුණිය රජමහා විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයට පිවිසෙන ඔබට ඉසුරුමුණි කෞතුකාගාරය, පැරණි සහ නව විහාරයන්, ස්තූපය මෙන්ම අෂ්ඨ ඵල බෝධියද දැකගත හැක. මෙම ස්ථානය අතිශයින් ජනප්‍රිය වී තිබෙන්නේ ඉසුරුමුණි පෙම් යුවල, රජ පවුල මෙන්ම මිනිසා සහ අශ්ව හිස දැක්වෙන ගල් කැටයම් නිසා වෙනි. දුටුගැමුණු රජතුමන්ගේ පුත් සාලිය කුමරු සහ අශෝක මාලාවන් මෙම ඉසුරුමුණි පෙම් යුවල ගල් කැටයමෙන් නිරූපණය වන බවටද මතයක් ඇත. මීට වසර දෙදහස් ගණනකට පෙර ශ්‍රි ලංකාවේ අග නගරය වූ අනුරාධපුර නගරයේ රජ කම් කල දේවානම් පියතිස්ස රජතුමන් විසින් මෙම විහාරය ඉදිකළ බව මහා වංශයෙහි දැක්වේ. මිහිදු හිමියන් ළඟ පැවිදිවූ දේවානම් පියතිස්ස රජුගේ බෑණනුවන් කෙනෙකු සහ පන්සියයක් හිමි වරුන් සඳහා මෙම විහාරය කරවූ බව ඉතිහාසයෙහි දැක්වේ. ක්‍රි.ව.හතරවන සියවස වන විට අභයගිරියට අයත්ව තිබු මෙම විහාරයෙහි බුදුරජාණන් වහන්සේගේ දන්ත දාතුන් මුල්වරට තැන්පත්කර තිබු බවද පැවසේ.
ක්‍රිෂාන්ත බෝපගේ
2020.12.23