Location
Unnamed Road, Sri Lanka
Unnamed Road, Sri Lanka
යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වූ අනුරාධපුර රාජධානියට පැමිණෙන ඔබ විසින් දැක ගත යුතුම තවත් ආකර්ශනීය හා අලංකාර පරිසරයකින් යුක්ත ෛඑතිහාසික ස්ථානයක් පිළිබඳව තොරතුරු මා අද දින ඔබ වෙත ගෙන එන්නෙමි. අනුරාධපුර දිස්ත්‍රික්කයට යාබදව රාජාංගනය සහ ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මායිම්ව, අනුරාධපුර සිට කුරුනෑගල- පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල සිට බටහිරට කිලෝ මීටර් 3.5ක් පමණ දුරකින් හත්ථිකුච්ඡි විහාරය පිහිටා ඇත. දේවානම් පියතිස්ස රජ සමයේ මෙම ශෛලමය විහාර සංකීර්ණය ඉදිකර ඇති අතර රමණීය පොකුණු සහ වෘක්ෂලතාදියෙන් මෙන්ම මන බඳිනා තුරු ගොමු සහ ස්වභාවික ගල් කුළු වලට මැදිව මෙම ඉපැරණි විහාර සංකීර්ණය දැක ගත හැක. ඉතිහාසයේ අනුරාධපුරයේ රජකම් කල සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය ලෙස වර්තමානයේ පිළිගැනෙන අතර ඊට අදාළ පුරා විදු සාධකද බොහොමයක් මෙම ස්ථානයේ තිබී හමුවී ඇත. අනුරාධපුර රජකම් කල සිරිසඟබෝ රජු, රජකම හැරදා නික්ම ගොස් මෙම ස්ථානයේ භාවනා යෝගීව සිට ඇත. එතනට පැමිණි දුගියාට රජු විසින් තම හිස දන් දුන් බවත්, ඔහු එම හිස රජුගේ සොහොයුරා වූ ගෝඨාභය රජුට ගෙන ගොස් දුන් බවත්, ඉන් පසු රජු මෙම ස්ථානයට පැමිණ ඒ බැව් තහවුරු කරගත් පසු වටදාගෙයක් සහිත චෛත්‍යයක් සහ බෝධිඝරයක් මෙම ස්ථානයේ ස්ථාපනය කලබවත් ඉතිහාසයේ දැක්වේ. ඒ බව සනාථ කරලීම සඳහා අනුරූපී සාධක බොහොමයක්ද මෙම ස්ථානයේ තිබේ. ක්‍රි.ව. දෙවන සියවසේ සිට නවවන සියවසට අයත් ගිරි ලිපි පනහක් පමණද මෙම ස්ථානයේ දැක ගත හැකිවේ.
ක්‍රි.පූ.තුන්වන සියවසේ සිට ක්‍රි.ව. දහවන සියවස දක්වා ඉතා සශ්‍රීක බොද්ධ ආගමික ස්ථානයක් ලෙස මෙම ස්ථානය පැවතී බව පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව පෙනී යයි. කිසිදා ඉරෙහි හෝ සඳෙහි පහස නොලබන පර්වතයක් මත පිහිටි ඉර හඳ නොදුටු පොකුණ, ගල් උගුලක් බඳු වූ සමබර පව්ව, විහාර ගෙය, බෝධි ඝරය මෙම ස්ථානයේ තිබෙන දැකගත යුතුම වූ පුරාවස්තුන් වේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම ස්ථානය අලංකාර අයුරින් රැක බලා ගනිමින් නඩත්තු කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ආකාරයද අපගේ විශේෂ ඇගයීමකට ලක් කල යුතුමය.
ක්‍රිෂාන්ත බෝපගේ
30.12.2020
Haththikuchchi Temple
Today I bring to you information about another historic place with a fascinating and beautiful environment that you must visit when visiting the Kingdom of Anuradhapura, a UNESCO World Heritage City. Haththikuchchi Temple is located about 3.5 km west of Mahagalkadawala on the Anuradhapura-Kurunegala-Padeniya main road, bordering the Rajanganaya and Giribawa Divisional Secretariats adjacent to the Anuradhapura District. This stone temple complex was built during the reign of King Devanam Piyatissa and it can be seen amidst beautiful ponds and flora as well as lush greenery and natural rocks. It is now accepted as the place where King Sirisangabo, who ruled in Anuradhapura, gave his head and many archeological evidences related to it have been found in this place. King Sirisangabo, who ruled Anuradhapura, left the kingdom and meditated at this place. History has it that the king gave his head to the poor man who came there and he took the head to the king's brother Gotabhaya. According to the History, that after the king came to this place and confirmed that, a Sthupa with a Vatadage and a Bodhi tree were installed at this place. There are many corresponding factors and evidence in this place to prove it. From the third century BC. Archaeological evidence suggests that the site was a flourishing Buddhist site until the tenth century. The pond on a rock that is never touched by the sun or the moon, the balanced pavva like a stone trap, the temple, the Bodhi Ghara are the most visible archeological wonders in this place. The staff of the Department of Archeology of Sri Lanka should also be commended for their diligent efforts in protecting and maintaining this site in a beautiful manner.
Written by Krishantha Bopage
30.12.2020