fbpx
Location

AB25, Anuradhapura, Sri Lanka

Description

අනුරාධපුර වෙස්සගිරිය.

අනුරාධපුර නගරයේ සිට පැරණි පූජා නගර මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ යනවිට ඉසුරුමුනියා වෙල්යාය සහ තිසාවැව පාමුල වෙස්සගිරිය නටඹුන් දැක ගත හැක. වෛශ්‍ය කුලයට අයත් මහරහතන් වහන්සේලා පන්සීය නමක් මෙහි වැඩ විසූ බැවින් මෙම ස්ථානය වෙස්සගිරිය නමින් ජනප්‍රවාදයේ  හැඳින්වේ. අනුරාධපුරය මුල් යුගයට අයත් ගල් ගුහා සහ පසු යුගයට අයත් ගොඩනැගිලි වල නටඹුන් මෙම ආකර්ශනීය ස්ථානයේ  දැක ගත හැක. මෙම ස්ථානයෙන් හමුවන පැරණි සෙල් ලිපියක සහ iv වන මිහින්දුගේ සෙල් ලිපියකද මෙම ස්ථානය ගැන සඳහන් වේ. එම ඉතිහාසයට අනුව පුරාන ඉසුරුමුණි විහාරය මෙම ස්ථානයේ තිබූ බවට පුරා විද්‍යාත්මකව පිළිගනු ලබයි. ක්‍රි.ව.පස්වන සියවසයේදී පමණ රජකම් කල වසභ රජුගේ උපොසතාගාරයක්ද මෙහි තිබූ බව පැරණි වංශ කතා වල සඳහන් වේ. තවද ක්‍රි.පූ.දෙවන සියවසට අයත් පූර්ව  බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි හා ලෙන් 23ක් මෙම ස්ථානයේ අදටත් දැක ගත හැක. දාගැබ්, බෝධිඝරය, ඇතුළු ගොඩනැගිලි රැසක නටඹුන් සහ ඉපැරණි බිතු සිතුවම් සහිත  ලෙන් දෙකක් ද මෙම ස්ථානයේ තිබේ. ලාංකික ඉතිහාසය සහ ලෝක උරුමයන් පිලිබඳ ගවේෂණයේ යෙදෙන අය සහ සොබාදහමට ඇලුම් කරන්නවුන් මෙම දැකුම් කළු පරිසරයට බෙහෙවින් ආදරය කරනු ඇත.

Vessagiriya in Anuradhapura.

About 2 km from Anuradhapura city on the old sacred city road, you can see the ruins of Vessagiriya at the base of Isurumuniya paddy field and Tissawewa. This place is popularly known as Vessagiriya as there were five hundred buddhist “Arahants” belonging to the “Vaishya”  who lived here. Ruins of the Anuvadhapura era can be seen at this place. An ancient inscription found at this place and an inscription of Mihindu IV also mention about this place. According to that history, the ancient Isurumuni Vihara is believed to have existed at this place. Ancient chronicles also state that there was a chapter house of King Vasabha who reigned around the 5th century AD. Also, 23 cave inscriptions with pre-Brahmi inscriptions dating back to the 2nd century BC can still be seen at this place. the ruins of several buildings and two caves with ancient murals also still can be seen in vessagiriya. Those who are exploring Sri Lankan history and world heritage and those who love nature will attract this beautiful environment.

Written by Krishantha Bopage

30.11.2020

    free web site hit counter